Sunday, August 18, 2019
Hotline - 0770586666

එජාපයේ අලුත් සන්ධානය අගෝස්තු 05වනදා

හර්ෂිකා සංජීවනී

705Views

 

 

 

පොදු ප්‍රතිපත්තියක් සමඟින් “ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” නම් නව සන්ධානය ලබන අගෝස්තු 05 වනදා බිහිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සන්ධානගත වන සියලූ දේශපාලන පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් බිහිකරන මෙම නව පෙරමුණ මඟින් ඉදිරි වසර 5 තුළ දී රට ඉදිරියට ගෙන යන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු මෙම අදහස් පළ කළේ අද (23)  පස්වරුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවකදීයි.

අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් පසුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අවිස්සාවේල්ල බස්නැවතුම්පොළ අසලදී මෙම ජනහමුව පැවැත්වුණා.