Friday, April 19, 2024

General line - 0115112241

අපද්‍රව්‍ය බහාලුම් ගෙන්වීම නතර කිරීමට ජනපතිගෙන් උපදෙස් : මන්ත්‍රි දයාසිරි ජයසේකර 

සජිත් තිලකරත්න




බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලුම් සම්බන්ධයෙන අද (23) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ මෙලෙස අපද්‍රව්‍ය බහාලුම් ගෙන්වීම වහාම නතර කිරීම සඳහා ජනාධිපතිවරයා දැනටමත් අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම බහාලුම් ශ්‍රී ලංකාවට රැගෙන ඒම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විමර්ශනයක් සිදු කළ යුතු බවයි.