Tuesday, April 23, 2024

General line - 0115112241

හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලයට ඉවත් වෙන්න යැයි දැනුම් දෙන්න තීරණය කරයි

කසුන් කැළුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් වන්නැයි චන්දික හතුරුසිංහ වෙත නිල වශයෙන් දැනුම්දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සෙසු පුහුණුකරුවන්ටද ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන ලෙස දැනුම්දීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඊයේ (23) රාත්‍රියේ  රැස් වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව මෙම තීරණවලට එළැඹි බව එහි සභාපති ශම්මි සිල්වා පැවසුවා. 

චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් පසු ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මීට පෙර උපදෙස් දී තිබුණා. ඊයේ රාති‍්‍ර විධායක කමිටුව රැස්වීම කැඳවා තිබුණේද ඒ අනුවයි.

මේ අතර ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට නුවන් කුලසේකර තීරණය කර තිබෙනවා. නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අද පස්වරුවේ පවත්වන මාධ්‍ය හමුවකදී ඒ බව නිල වශයෙන් ප‍්‍රකාශ කරන බවයි.