Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපති අණින් සෞදි ආයුද ගනුදෙනුවක් නවතී

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සිදු කිරීමට නියමිතව තිබූ ආයුධ ගනුදෙනුවක්, සිය නිශේද බලය භාවිත කර අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙලෙස අවහිර කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 8.1 ක වටිනාකමකින් යුත් ආයුධ තොගයක් අලෙවි කිරීම සඳහා වන ගනුදෙනුවක්.

අදාළ ගනුදෙනුව හරහා අමෙරිකාවේ ගෝලීය තරගකාරීත්වය දුර්වලවීම හා සමීප රාජ්‍යයන් සමග පවතින සබඳතා සඳහා බාධා එල්ල වීමේ අවදානමක් ඇති බැවින් එම ගනුදෙනුව අත්හිටවූ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම අමෙරිකානු නීතිනිලධාරීන් පවසා ඇත්තේ අදාළ ගනුදෙනුවෙන් ලබා ගන්නා අවි, යෙමනයේ සිවිල් වැසියන්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ද භාවිත කළ හැකි බවටයි.