Saturday, April 20, 2024

General line - 0115112241

පිටියෙන් සමුගත් කුලසේකර ගැන මාලිංග කතා කරයි

කසුන් කැළුම්




ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ විශිෂ්ට පන්දු යවන්නෙකු ලෙස වැජඹීමට තමන්ට පිටියේදී 99% සහය හිමිවූයේ නුවන් කුලසේකරගෙන් බව ලසිත් මාලිංග පවසනවා.

නුවන් කුලසේකරගේ සමු ගැනීම පිළිබඳ සිය බිරිඳගේ ෆෙස්බුක් පිටුව හරහා වීඩියෝවක් නිකුත් කරමින් මාලිංග මෙම අදහස් පළ කළා.

කලක් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නා වූ නුවන් කුලසේකර පුහුණුකරුවෙකු ලෙස හෝ මෙරට කි‍්‍රකට් කි‍්‍රඩාව වෙනුවෙන් එක්කර ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බවයි ලසිත් මාලිංග මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.