Saturday, April 20, 2024

General line - 0115112241

බංග්ලාදේශයට ලකුණු 315ක ඉලක්කයක්

දිනුක් හේවාවිතාරණ




බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු ක් දැවී ලකුණු 314 ක් රැස් කර ගනු ලැබුවා. 

ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 111ක් රැස් කර ගත් අතර ඔහුගේ ඉණිමට හතරේ පහරවල් 17ක් සහ එක් හයේ පහරක් අන්තර්ගත වුනා.  කුසල් ජනිත් පෙරේරා ආර්. ප්‍රේමදාස පිටියේදී රැස් කර ගනු ලැබූ පළමු ශතකය මෙය වන අතර එය ඔහුගේ එක්දින තරග දිවියේ 05 වන ශතකය විය.

කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් තෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 100ක සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකිවිය. කුසල් මෙන්ඩිස් පන්දු 49කදී ලකුණු 43 ක් රැස් කර ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48ක් ශ්‍රී ලංකා ඉණිම වාර්තා කර ගනු ලැබුවා.  

................................................................

කුසල් ගෙන් ශතකයක් 

(26-07-2019 16:50)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කුසල් ජනිත් පෙරේරා සිය එක්දින දිවියේ පස්වන ශතකය වාර්තා කිරීමට සමත් වුවා. කුසල් ජනිත් පෙරේරා සිය ශතකය සඳහා වැය කලේ පන්දු 83ක් පමණක්ය. එහිදී ඔහු හතරේ පහරවල් 17ක් සහ එක් හයේ පහරක් එල්ල කරනු ලැබුවා.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු ඕවර 29ක් අවසානයේදී කඩුලු 02ක් දැවී ලකුණු 192ක් ලබා ගෙන සිටිනවා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 07 කට සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී ගියා. 

මේ වන විට පිටියේ පන්දුවට පහර දෙමින් සිටින කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 103ක් සහ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 35ක් ලබා ගෙන සිටිනවා.

.......................................................

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(26-07-2019 14:17)

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ලසිත් මාලිංග සිය එක්දින ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරනු ලබන අවසන් තරගයද මෙය වනවා.        

අද තරගයට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ : දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංගයි.