Friday, April 19, 2024

General line - 0115112241

මරණ දඬුවමේ තීරණයට අමෙරිකාව තුළින්ම විරෝධය

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු ෆෙඩරල් රජය ගත් තීරණයට එරෙහිව රට තුළින්ම විරෝධතා එල්ල වෙමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මානව හිමිකම් සංවිධාන හා විපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම මෙලෙස විරෝධතා එල්ල කරන බවයි.

ඒ අනුව මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් ගත් තීරණය වහාම අහෝසි කරන ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙතැයි අපේක්ෂා කරන ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුම ඉල්ලීමක් කර තිබෙනවා. 

කෙසේවෙතත් මරණ දඬුවම ගෙන ඒමට ගත් තීරණය පුදුම සහගත කරුණක් හෝ ඉක්මන් තීන්දුවක් නොවන බව අමෙරිකාවේ මරණ දඬුවම පිළිබඳ වන තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. විදෙස් වාර්තාවන්ට අනුව මරණ දඬුවම සඳහා මේවනවිටත් නියම වී සිටින චූදිතයින් ගණන 05 ක්. බාලවයස්කාර දැරියන් හෝ වැඩිහිටි කාන්තාවන් ඝාතනය කිරීම හෝ ලිංගික අපචාර සිදු කිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වනවා.