Friday, April 19, 2024

General line - 0115112241

අවසන් තරගයේදීත් මාලිංග වාර්තා අලුත් කරයි




එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගවල ලොව වැඩිම කඩුළුලාභීන් අතර 9 වන ස්ථානය හිමිකර ගැනීමට ලසිත් මාලිංග ඊයේ සමත් වුණා. ඒ, සිය අවසන් එක්දින කි‍්‍රකට් තරගයේදී ලකුණු 38 කට කඩුළු 3 ක් දවා ගැනීමත් සමගයි. 

ඒ අනුව ලසිත් මාලිංග ලොව වැඩිම එක්දින කඩුළුලාභීන් අතර 9 වන ස්ථානයට පත් වුණේ ඉන්දීය කී‍්‍රඩක අනිල් කුම්බ්ලේ පසු කරමින්. මාලිංග තරග 226 කදී දවාගෙන ඇති එක්දින කඩුළු සංඛ්‍යාව 338 ක්. අනිල් කුම්බ්ලේ තරග 271 කදී එක්දින කඩුළු 337 ක් දවාගෙන තිබෙනවා. 

ලොව වැඩිම එක්දින කඩුළුලාභීන් අතර පළමු ස්ථානය හිමි කර ගෙන සිටින්නේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්. තරග 350කදී ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 534ක්.