Friday, March 29, 2024

General line - 0115112241

රත්තරං කිලෝ 750ක් මංකොල්ලකා පළා යයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ නිව්යෝර්ක් සහ ස්විට්සර්ලන්තයේ සුරිච් බලා යැවීමට සුදානම් කර තිබු ඩොලර් මිලියන 30 කට අධික වටිනාකමකින් යුත් රත්තරං කිලෝග්‍රෑම් 750 ක් බ්‍රසීලයේ සාවෝ පාලෝ ගුවන් තොටුපලේදී අවිගත් මංකොල්ලකරුවන් පස් දෙනෙක් විසින් පැහැරගෙන ගොස් ඇත.

පොලිස් නිලධාරීන් මෙන් සැරසී සිටි මෙම මංකොල්ලකරුවන් පස් දෙනා ඔවුන් පැමිණි කැබ් රිය පවා පොලිසියට අයත් වාහනයක් සේ හැඟවෙන අයුරින් සකසා තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නිව්යෝර්ක් සහ සුරිච් බලා යැවීමට සුදානම් කර තිබු එම රත්තරං කිලෝග්‍රෑම් 750 ගුවන් යානාවට පැටවීම සඳහා සුදානම් කර තිබු අවස්ථාවේදී මෙම මංකොල්ලකරුවන් ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණය වෙතට පැමිණ එහි සිටි සේවකයින් බිය වද්දා ඔවුන් පැමිණි වාහනයට එම රත්තරං පටවා ගෙන පළා ගොස් ඇත.

බ්‍රසීල මාධ්‍ය වාර්තාකරන්නේ මෙම රත්තරං සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ගුවන් තොටුපලේ සේවය කරනු ලබන නිලධාරියෙකු මෙම මංකොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි.