Friday, April 19, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමේ පුවත ගැන මාලිංග කතා කරයි

කසුන් කැලුම්




තමන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සුදානමින් සිටින බවට පල වු වාර්තා සම්බන්ධයෙන් ලසිත් මාලිංග අදහස් පලකළා. ඒ බංගලාදේශ කණ්ඩායම සමග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළ කළා.

මේ අතර එක්දින පිටියෙන් සමුගත් ලසිත් මාලිංග වෙනුවට දසුන් ශානක බංග්ලාදේශය සමග පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙක සදහා ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. දෙවන එක්දින ක්‍රිකට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස හෙට (28) පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදීයි. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා.