Saturday, April 20, 2024

General line - 0115112241

දෙවන තරගය අද

කසුන් කැළුම්




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (28) පැවැත්වෙනවා.

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ එකට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකාව පෙරමුණගෙන සිටිනවා. ඒ, දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණූ 91කින් ජය ගනිමින්. 

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී මේ දක්වා පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 07ක්. එම තරග 07ම ජයගැනීමට සමත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.

සමස්ථයක් ලෙස ශි‍්‍ර ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී මේ දක්වා සහභාගී වී ඇති එක්දින තරග සංඛ්‍යාව 109ක්. ඉන් තරග 67ක් ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 35ක් පරාජයට පත්ව තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 07වන ස්ථානයේයි. ශී‍්‍ර ලංකාව එම සටහනේ 08වන ස්ථානයේ පසුවනවා.