Saturday, April 20, 2024

General line - 0115112241

මර්වින් තවත් අයෙක් ගස් බඳින්න යයි (PHOTOS)

කාංචන ආරියදාස




කැකිරාව, කලාවැව, විජිතපුර බලකොටුවේ කොටසක ඇති පුරාවිද්‍යා ස්මාරක බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් විනාශ කොට එහි අඹ සහ පොල් වගා කළ ස්ථානය නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (27) පස්වරුවේ එම ප‍්‍රදේශයට පැමිණියා.

මෙහිදී හිටපු අමාත්‍යවරයා ප‍්‍රකෝපකාරී ලෙස හැසුරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට ආණ්ඩුවට හෝ විපක්ෂයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවට ද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙහිදී චෝදනා කළා. 

එහිදී "සහරාන්ගේ ආක්‍රමණයට වඩා වැඩි ආක්‍රමණයක් මේක. අද උඹ මෙතන හිටියා නම් මං අද මෙතන උඹව ගස් බැඳලා යන්නේ. " යනුවෙන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ද සිය අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. කලාවැව, විජිතපුර බලකොටුව මෙරට පෞඩත්වය කියා පාන ස්ථානයක් බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.