Friday, March 29, 2024

General line - 0115112241

බංග්ලාදේශ කණ්ඩායමට ICCයෙන් දඩ

කසුන් කැළුම්




බංග්ලාදේශ කණ්ඩායමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ශ‍්‍රී ලංකාව සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දු වාර 50 කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන්.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළේ. එමෙන්ම සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.