Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිවරයා වනගත වෙයි (VIDEO / PHOTO)

දිනුක් හේවාවිතාරණ




ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා ලොව ජනප්‍රියතම ත්‍රාසජනක රුපවාහිනි වැඩසටහනකට එක්වී තිබෙනවා. ඒ ඩිස්කවරි රුපවාහිනි නාලිකාව විසින් විකාශනය කරනු ලබන " Man vs Wild" නම් ත්‍රාසජනක වැඩසටහන සමගින්ය. එම වැඩසටහන මෙහෙයවන බෙයාර් ග්‍රිල්ස් සමග ඉන්දීය අගමැතිවරයා මෙහිදී එරට වනාන්තරයක් තුල සංචාරයක නිරත වනු ඇති.

"වන සතුන් ගේ සංරක්ෂණය හා පාරිසරික විපර්යාස පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉන්දියානු වනාන්තර පද්ධතිය තුල සිදුකරනු ලැබූ රූගත කිරීම හරහා  රටවල් 180 ක ජනතාවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගේ නොදන්නා පැත්ත දැකගත හැකි යැයි"  " Man vs Wild" නම් ත්‍රාසජනක වැඩසටහන මෙහෙයවන බෙයාර් ග්‍රිල්ස් සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් කියා සිටිනවා. 

ඉන්දීය අගමැතිවරයා සමග සිදුකළ මෙම වැඩසටහන ලබන අගෝස්තු මස 12 වෙනිදා රාත්‍රි 9.00ට විකාශනය වීමට නියමිතයි.

මෙම විශේෂ වැඩසටහන ඉන්දියාවේ උත්තාරාකන්ද් හි පිහිටි ජිම් කොර්බෙට් ජාතික වනෝද්‍යානය තුලදී රූගත කර ඇති අතර එය වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ නිදහස් වැඩසටහනක් බව නිවේදනයක් නිකුත් කරමින් ඩිස්කවරි රූපවාහිනී නාලිකාව කියා සිටින්නේ.

"වසර ගණනාවක් තිස්සේ මම සොබාදහම තුල කඳුකරයේ සහ වනාන්තරවල ජීවත් වී සිටියෙමි. එම කාලසීමාවේදී එම අත්දැකීම් තුලින් මගේ ජීවිතයට සදාකාලික බලපෑමක් ඇති කරනු ලැබුවා. එබැවින් දේශපාලනයෙන් ඔබ්බට ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන විශේෂ වැඩසටහනක් ගැන මගෙන් විමසූ විටඒ සඳහා සහභාගී වීමට උනන්දුවක් හා නැඹුරුවක් තමන් තුල ඇතිවූ බවයි "අගමැති මෝදි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

" ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ට ඉන්දියාවේ පොහොසත් පාරිසරික උරුමය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම සහ සොබාදහමට අනුකූලව ජීවත්වීමේ ආතතිය විදහා දැක්වීමට මහඟු අවස්ථාවක් ලෙසයි මා මෙය දකින්නේ. එය නැවත වරක් වනාන්තරයේ කාලය ගත කිරීම තුලින් මම මහත් අත්දැකීමක් ලැබුවෙමි. බෙයාර් ග්‍රිල්ස් සැබවින්ම ආශිර්වාදලත් පුද්ගලයෙක්. ඔහු සොබාදහම තුල තිබෙන ශක්තියෙන් සහ එහි පිරිසිදු බව අත්විඳීමින් සිටින පුද්ගලයෙක් ලෙස මෙම වැඩසටහනේදී ඔහු සමග කටයුතු කිරීම සතුටට කරුණක් බව" මෙහිදී ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කර සිටිනවා. 

මිට පෙර අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ද " Man vs Wild" නම් ත්‍රාසජනක වැඩසටහන සමග ඔහු ජනාධිපතිධුරය හොබවන කාලයේදී රූගත කිරීමට එක්වූවා.