Wednesday, April 24, 2024

General line - 0115112241

බංග්ලාදේශ 03වන එක්දින ගැටුම කුලසේකරට වෙන් කෙරේ




ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ 03වන තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (31) මෙම තරගය පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන්නැයි නුවන් කුලසේකරට ආරාධනා කර ඇතැයි ද ඔහු වෙනුවෙන් එහිදී සමුදීමේ උත්සවයක් සංවිධාන කෙරෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියා.