Friday, March 29, 2024

General line - 0115112241

කුලසේකරට ජයග්‍රහණයකින් සමුදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සැලසුම් හදයි

කසුන් කැලුම්




බංග්ලාදේශය සමඟ හෙට (31) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇතැයි නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. එම තරගය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙන නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර තිබෙනවා. තරගය ජයගෙන ඔහුට ජයග්‍රාහී සමුගැනීමක් හිමිකර දීමට උත්සහ කරන බවයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පැවසුවේ.