Friday, March 29, 2024

General line - 0115112241

මුස්ලිම් ඇමති රංගනයෙන් මුස්ලිම් සමාජයත් රැවටුණු හැටි මුස්ලිම් නියෝජිතයෙක් පෙන්වයි




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සහ මුස්ලිම් අන්තවාදයේ වර්තමාන හැසිරීම් පිළිබඳ ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පාදක කර ගනිමින් මුස්ලිම් මහජන නියෝජිතයන් මුලින් තනතුරු අතරහැර නැවත තනතුරු භාර ගැනීම රැවටීමක් බවයි එහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙමගින් මුස්ලිම් ප‍්‍රජාවද අපහසුතාවට පත් වූ බව මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරමින් වැඩසටහනට එක් වූ මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් පැවසුවා.

එහිදී "ඇත්තෙන්ම අපිටත් කියන්න තියෙන්නේ ඔතන සිද්ධ වුණේ රඟපෑමක් කියන එක තමයි. ඔවුන් බලය අත හැරීමේදී පවා බැලුවේ කොහොම හරි ඉදිරියටත් බලයේ ඉන්න ඕනේ කියන එක ගැන විතරයි. එහෙම නැතුව ඒකෙන් මුස්ලිම් ජනතාවට සෙතක් වුණාද කියලා ඇහුවොත්..එහෙම සෙතක් වුණේ නෑ. තාමත් ත්‍රස්තවාදී කටයුතුවලට කිසිඳු සම්බන්ධයක් නැති අය පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් සිරගත වෙලා ඉන්නවා. කිසිම දේකට විසඳුමක් ලැබිලා නෑ. ඒගොල්ලො විසඳුමක් ලැබුණා කියලා පෙන්නන්න හදනවා." යනුවෙන් සඳහන් කළා.

අපි ජාතික බලවේගයේ විධායක සභාපති නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ද මෙහිදි අදහස් දැක්වූවා.

එහිදී "මොකක්ද මේ කරපු ජවනිකාව කියලා ලොකු ගැටලුවක් තියෙනවා. ඔවුන් ඉල්ලා අස්වෙද්දි මතු කළ කරුණු කිහිපයක් තිබුණා. එකක් තමයි පරීක්ෂණවලට බාධා වෙනවා කියලා චෝදනා වෙනවා. ඒ නිසා ඉල්ලා අස්වෙනවා කිව්වා. එහෙනම් දැන් අපි අහන්නේ මේ පරීක්ෂණ අවසන් ද?. පරීක්ෂණ අවසන් නිසාද මේ තනතුරු යළි බාර ගත්තේ. " යනුවෙන් සඳහන් කළා.

ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.