Saturday, April 20, 2024

General line - 0115112241

උතුරු කොරියාව මිසයිල දෙකක් යවයි

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු කොරියාව නැවත වරක් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇතැයි දකුණු කොරියාව පවසනවා.

මෙම මිසයිල දෙක කිලෝමීටර් 30 ක් පමණ උසකටද කිලෝමීටර් 250 ක් පමණ ඈතකටද ගමන් කර ජපාන මුහුදට පතිත වී ඇති බවයි දකුණු කොරියාව වැඩිදුරටත් පවසන්නේ. උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ ප‍්‍රදේශයේ සිට මෙම බැලස්ටික් මිසයිල දෙක අද (31) උදෑසන දියත් කර ඇතැයි ද ප‍්‍රකාශ කෙරුණා.

මෙම සතිය තුළ සිදු කෙරුණු උතුරු කොරියාවේ දෙවන මිසයිල අත්හදා බැලීමද මෙයයි.  මීට පෙර සිදු කෙරුණු මිසයිල අත්හදා බැලීමෙන් පසු උතුරු කොරියාව පැවසුවේ දකුණු කොරියාව සහ අමෙරිකාව එක්ව කිරීමට සැලසුම් කර තිබෙන යුද අභ්‍යාසයට අනතුරු ඇගවීමක් ලෙස එම මිසයිල දියත් කළ බවයි.