Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ පවතින ඉරාන විදේශ කටයුතු ඇමතිගේ වත්කම් තහනම් කරයි

පවිත්‍රා මදුහර්ෂනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය මොහොමඞ් ජවාඞ් සරීෆ්ට එරෙහිව සම්බාධක පනවා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම සම්බාධක පනවා ඇති බවයි. 

ඒ අනුව අමරිකාවේ මෙන්ම අමෙරිකාවට අයත් භූමියක හෝ ආයතනයක පවතින ඉරාන විදේශ කටයුතු අමාත්‍ය මොහොමඞ් ජවාඞ්ට අයත් සියලූ වත්කම් තහනම් කිරීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍ය මොහොමඞ් ජවාඞ් කටයුතු කරනු ලබන්නේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ න්‍යායන්ට අනුව බවටයි අමෙරිකාව චෝදනා කළේ. 

කෙසේවෙතත් තමන්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා අමෙරිකාවට ස්තූතිය පළ කර තිබෙනවා. ඔහු පවසන්නේ සිය කි‍්‍රයාකලාපයන් අමෙරිකාවට තර්ජනයක් වී ඇති බවයි.