Wednesday, April 24, 2024

General line - 0115112241

තායිලන්තයේ බෝම්බ පිපිරිම් 06ක්

දිනුක් හේවාවිතාරණ




තායිලන්තයේ බැංකොක් අගනුවර පිපිරිම් 06ක් සිදුව තිබෙනවා. මින් එක පිපිරිමක් තායිලන්තයේ උසම ගොඩනැගිල්ල ආසන්නයේ සිදුව ඇති නතර පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක්ම එරට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇත.

පිපිරිම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අද (02) පැවැත්වෙනවා.

මෙම පිපිරිම් සිදුවන අවස්ථවේදි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ එම සමුළුවට සහභාගි විමට බැංකොක් අගනුවරට පැමිණ සිට ඇති බව සදහන්.

තායිලන්ත ආරක්ෂක බලධාරින් පවසන්නේ පුපුරා ගොස් ඇති බෝම්බ කුඩා ප්‍රමාණයෙන් පුපුරණ ද්‍රව්‍ය සහ ඇතුළු ඇතුළු තියුණු ආයුධ කැබලි යොදා සකස් කර ඇති බවට පෙනි යන බවයි.