Saturday, April 20, 2024

General line - 0115112241

එජාප නව සන්ධානයේ ආරම්භක සාමාජිකත්වය ලබා ගැනීමට චතුර සේනාරත්නගේ පක්ෂයෙන් ඉල්ලීමක්

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ යෝජිත නව පෙරමුණේ ආරම්භක පක්‍ෂ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව සලසන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්න විසින් ලියාපදිංචි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය, ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. 

යෝජිත නව පෙරමුණ සමග එක්වන පක්‍ෂවල නියෝජිතයින් එම ඉල්ලීම පිළිගෙන තිබෙන බවයි දේශපාලන ආරංචි පැවසුවේ. කෙසේවෙතත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චතුර සේනාරත්නගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය කළ මෙම ඉල්ලීමට විරෝධය දක්වා තිබෙනවා. එම මැති ඇමතිවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ එම පක්‍ෂයේ සිටින්නේ චතුර සේනාරත්න මන්තී‍්‍රවරයා පමණක් බවයි. 

එම පක්‍ෂයේ සිටි සෙසු සාමාජිකයින් මේ වනවිට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ඇති බවද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන මැතිඇමතිවරුන් ප‍්‍රකාශ කර තිබෙනවා. මේ හේතුවෙන් චතුර සේනාරත්න මන්තී‍්‍රවරයා විසින් ලියාපදිංචි කර ඇති එම ව්‍යාපාරය යෝජිත නව පෙරමුණ සදහා එක් කර නොගන්නා ලෙසයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන මැතිඇමතිවරුන් සදහන් කර ඇත්තේ.