Friday, April 26, 2024

General line - 0115112241

කන්ටේනරයකින් කොකේන් කිලෝ 4500ක් හමුවේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4500ක් අඩංගු කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීමට ජර්මනියේ රේගු බලධාරීන් ඊයේ (02) සමත්ව තිබෙනවා. ජර්මනියේ දී මෙතෙක් සොයා ගනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි එරට බලධාරීන් පවසන්නේ. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් වන බවයි බලධාරීන් පවසන්නේ.

මෙම කන්ටේනරය උරුගුවේ සිට බෙල්ජියම බලා යැවීමට ජර්මනියට ගෙනවිත් තිබෙන අතර එහි සෝයා බෝංචි අඩංගු බවයි සඳහන් කර ඇත්තේ. රේගු බලධාරීන් විසින් අදාළ කන්ටේනරය පරික්ෂා කිරීමේදී එහි තිබී ගමන් මල්ලක් පළමුව සොයා ගැනීමෙන් පසුව ඇතිවූ සැකය මත කන්ටේනරය සම්පුර්ණයෙන් පරික්ෂා කිරීමේදී කළු පැහැති ගමන් මලු 221ක් තුල අසුරා තිබු කොකේන් පාර්සල් 4200ක් සොයා ගැනීමට සමත්ව ඇත.

රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම කොකේන් තොගය දැඩි ආරක්ෂක ක්‍රියා අනුගමනය කරමින් ඉදිරියේදී විනාශ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි එරට රජය සඳහන් කරන්නේ.