Thursday, April 25, 2024

General line - 0115112241

හොරෙන් රටට ඇතුල්වෙන්න උත්සහ කළ මාලදිවයින් හිටපු උප ජනාධිපති අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ඇතුල්වීමට උත්සහ කළ මාලදිවයින් හිටපු උප ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට එරට වෙරළ ආරක්ෂක බලකාය පියවර ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

මාලදිවයිනේ ලාබාලතම උප ජනාධිපතිවරයා ලෙස 2015 වර්ෂයේදී දිවුරුම් දෙනු ලැබූ 37 හැවිරිදි අහමඩ් අඩීබ් අබ්දුල් ගෆුර් නම් හිටපු ජනාධිපතිවරයා වෙළද නෞකාවක ආධාරයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තුත්තුකොඩි වරාය හරහා ඉන්දියාවට ඇතුල්වීමට දැරූ උත්සාහයේදී එරට වෙරළ ආරක්ෂක බලකායේ නිලධාරීන් විසින් ඔහුව මුහුදේදීම අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මාලදිවයිනේ හිටපු උප ජනාධිපතිවරයා තමන්ට මැලේසියාවේදී ජිවිත තර්ජන ඇති බව සඳහන් කරමින් ඉන්දියාවේ දේශපාලන රැකවරණය පතා පැමිණ ඇති බවත් ඔහු සතුව නිත්‍යානුකුල ලියවිලි කිසිවකුත් නොතිබූ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රවිෂ් කුමාර් සඳහන් කලේ. ඒ හේතුවෙන් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාගයක්ද පවතින අතර ඔහු එරට නිවාස අඩස්සියේ රඳවා තබා තිබු බවයි වාර්තා වන්නේ.
 
මිට පෙර ඔහුට හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව මත සිරභාරයේ තබා තිබු අතර පසුව ඔහු එම චෝදනා වලින් නිදහස් වුවා.