Saturday, April 20, 2024

General line - 0115112241

සුපිරි සාප්පු සංකිර්ණයක් "ලේ විලක්" වෙයි: වෙඩි තැබිමකින් පුද්ගලයින් 18 ක් මරුට

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හි පිහිටි සුප්‍රසිද්ධ "වොල්මාර්ට්" සාප්පු සංකිර්ණයේදි තුවක්කුකරුවෙක් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

AK-47 වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ තුවක්කුකරු පළමුවෙන්ම රථ ගාලේ සිටි පුද්ගලයින්ට වෙඩි තබමින් වොල්මාර්ට් සාප්පු සංකීර්ණයට ඇතුල්වි එහි සිටි සියයකට අධික පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය ඇසින් දුටු පිරිස් සදහන් කරන්නේ මෙම තුවක්කුකරු කිසිදු ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාරයන් එල්ල කළ බවයි.

සිද්ධිය සැලවිමත් සමග එල් පාසෝ පොලිසිය සහ අමෙරිකානු ෆෙඩරල් විමර්ශන ඒකකයේ  (FBI) නිලධාරින් තුවක්කුකරු රැදි සිටි සාප්පු සංකිර්ණය වට කොට එහි තුවාල ලබා සිටි පුද්ගලයින් වහා රෝහල් ගත කිරිමට කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. 

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් සිටිද යන්න සොයා බැලිමට සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බව එල් පාසෝ පොලිසිය සදහන් කළා.

මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්න සම්බන්ධයෙන් ද අමෙරිකානු බලධාරින් විමර්ශන සිදුකරමින් සිටියි.