Friday, March 29, 2024

General line - 0115112241

දරුණු ගැටුමකින් පසු මියගිය සෙබළුන්ගේ දේහයන් රැගෙන යන්න "සුදු කොඩියක්" එක්ක කණ්ඩායමක් එවන්න : ඉන්දියාව පාකිස්ථානයට දන්වයි

දිනුක් හේවාවිතාරණ




අනවසරයෙන් සිය දේශ සීමාවට ඇතුල් වීමට උත්සහ කළ පාකිස්ථාන යුධ හමුදා සෙබළුන් පස් දෙනෙකු ඉන්දීය හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වනවා. මෙම සිදුවීම ජම්මු හා කාශ්මීර දේශ සිමාවේ කේරන් හිදී සිදුවී ඇති බවයි ඉන්දීය යුධ හමුදාව සඳහන් කරන්නේ.

පාකිස්ථාන සෙබළුන් පිරිසක් නීතිවිරෝධී අයුරින් ඉන්දීය දේශ සිමාවේ පිහිටි ආරක්ෂක මුරපොලක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ ඇති අතර ඉන්දීය හමුදාවේ සෙබළුන් විසින් එල්ල කළ රැක සිට පහරදීමකින් පාකිස්ථාන සෙබළුන් 05 දෙනෙක් මියගොස් ඇති බව සඳහන්.

මේ වන විටත් කේරන් දේශ සිමා ප්‍රදේශයේ ඉන්දු-පකිස්ථාන හමුදා සෙබළුන් අතර දරුණු වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. කෙසේ වුවත් සිය මියගිය හමුදා සගයින්ගේ මළ සිරුරූ යළි ලබා ගැනීමට 'සුදු කොඩියක්" අතැතිව හමුදා කණ්ඩායමක් සිය පාලන ප්‍රදේශයට එවන ලෙස ඉන්දීය හමුදාව පාකිස්ථාන හමුදාවට දැනුම් දී ඇත්තේ. මේ දක්වා පාකිස්ථානයෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබූ බව ඉන්දීය හමුදාව සඳහන් කර සිටිනවා.

ජම්මු හා කාශ්මීර දේශ සිමාවේ පසුගිය දින දෙකක කාලයක සිට දැඩි ආරක්ෂක විධිවිධාන යෙදවීමට ඉන්දීය හමුදාව පියවර ගෙන තිබෙනවා. ඒ පාකිස්ථාන හමුදාවේ සහය ලබන අන්තවාදී කණ්ඩායමක් විසින් වාර්ෂිකව පැවැත්වෙන "අමරනාත් යාත්‍රා" වන්දනා ගමනට ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් පවතින බව ඉන්දීය යුධ හමුදාවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන්.

මේ අතර ඉන්දීය රජය විසින් එම වන්දනා ගමනට සහභාගිවී සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට සහ ජම්මු - කාශ්මීර් ප්‍රාන්තයේ සංචාරය කිරීමට ගොස් සිටි පුද්ගලයින්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත් වන ලෙසද නියෝගයක් නිකුත් කරනු ලැබුවා. මේ හේතුවෙන් ඉන්දීය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා පවත්වනු ලබන ගුවන් සමාගම් සිය ගාස්තු පවා පහත දැමීමට ඊයේ (03) රාත්‍රියේ සිට පියවර ගනු ලැබුවා.