Friday, April 19, 2024

General line - 0115112241

ඇමෙරිකාවේ තවත් ප්‍රහාරයක් : පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට 

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවක්කුකරුවෙක් විසින් ආපන ශාලාවක් ඉදිරිපිටදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහියෝ ප්‍රාන්ත පොලිසිය සඳහන් කරන්නේ තමන් එල්ල කළ ප්‍රහාරයකින් තුවක්කුකරුද මරුමුවට පත්වූ බවයි. සිදුවීම වූ අවස්ථාවේ එම ස්ථානයට ආසන්නයේ ජංගම මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වහා සිද්ධිය වූ ස්ථානයට පැමිණ තුවක්කුකරුට වෙඩි තබා ඇති බව සඳහන්. එසේ නොවන්නට මිට වඩා වැඩි පිරිසකගේ ජිවිත විනාශ වීමේ හැකියාවක් තිබු බවයි ඔහියෝ ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා මාධ්‍ය වෙත කියා සිටියේ.

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ හිදී පුද්ගලයින් 20 දෙනෙක් ජිවිතක්ෂයට පත් කරමින් එල්ලවූ වෙඩි තැබීම සිදුවී පැය කිහිපයක් ගත වීමට පෙර මෙම ඛේදජනක සිදුවීම වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.