Friday, March 29, 2024

General line - 0115112241

තරග තහනමෙන් පසු ක්‍රිකට් පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත්ගෙන් වාර්තාවක්

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්තය සමඟ පැවැත්වෙන අලුබඳුන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉණීමේදීත් පිට පිට තවත් ශතකයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් අද (04) සමත් වුණා. මෙලෙස ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු අලුබඳුන ටෙස්ට් තරගයක ඉණිම් 02දීම ශතකයක් වාර්තා කර ඇත්තේ 2002 වසරෙන් පසු පළමු වරටයි. 

මෙම තරගයේ පළමු ඉණිමේදී ද ස්ටීව් ස්මිත් ලකුණු 144ක් රැස් කළා. දෙවන ඉණිමේදී ඔහු මේ දක්වා නොදැවී රැස්කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 129ක්. පන්දු පළුදු කිරීමේ චෝදනාවට තරග තහනමකට ලක්ව සිටි ස්ටීව් ස්මිත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සහභාගී වන පළමු ටෙස්ට් තරගය ද මෙයයි.