Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන ලීටර් ලක්ෂ 07ක තවත් නෞකාවක් ඉරානය භාරයට

තරංග රුක්ෂාන් ජයසේකර




ඉරානය විසින් තවත් විදේශීය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගෙන තිබෙනවා. අදාළ නෞකාවේ ඉන්ධන ලීටර් ලක්ෂ 07ක් තිබූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරාන විප්ලවීය හමුදා විසින් නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 07 දෙනෙකු ද සිය භාරයට ගෙන තිබෙනවා. ඉකුත් ජූලි මස 13වනදා ද ඉරානය විසින් මෙලෙසම බ්‍රිතාන්‍ය ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සිය භාරයට ගනු ලැබුවා.