Saturday, April 20, 2024

General line - 0115112241

කුසගින්න නිසා දිවිනසා ගැනීමට ගිය මවට සහ දියණියට ජර්මනියේ ලාංකිකයෙකුගෙන් ආධාර උපකාර (PHOTOS)

නිශාන් ද සිල්වා/චන්ද්‍රරත්න ඉලංගකෝන




කුසගින්න දරාගත නොහැකිව දිවිනසා ගැනීමට උත්සහ කරනු ලැබ පොලිසිය විසින් බේරා ගැනුණු ගල්ගමුවේ මවට සහ දියණියට නෙත් නිවුස් කළ අනාවරණයකින් පසු සහන හිමි වුණා.

ජර්මනියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෙකු විසින් ලබාදුන් මුදල් ආධාර ඔවුන් වෙත රැගෙන ගොස් දුන්නේ ද නෙත් නිවුස් නියෝජිතයින් විසින්. 

එහිදී මෙම මව සඳහන් කළේ, නෙත් එෆ්.එම් රේඩියෝවේ මෙම පුවත විකාශය කිරීමෙන් පසු මේ වන විට තමන්ට සහ දියණියට විවිධ ආධාර උපකාර ලැබෙමින් ඇති බවයි. ඒ සියලු දෙනාටම සියලුම උපකාර වෙනුවෙන් ස්තූතිය පුද කරන බවත් සඳහන් කළා.

කුසගින්නෙන් පෙලෙන මෙම මව සහ දියණිය වෙනුවෙන් පරිත්‍යාගශීලි වූ ජර්මනියේ වෙසෙන ලාල් ගුණවර්ධන ද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. 

එහිදී "අපි විදෙස් රටවල ජීවත් වුණත් ලංකාව ගැන සොයනවා... නෙත් එෆ්. එම් අහනවා. මේ මාධ්‍ය හරහා ගොඩාක් වැදගත් දේවල් ගැන දැනුවත් වෙලා තියෙනවා. මෙවැනි අසරණ අයට පිහිටවීමට නෙත් එෆ්. එම් රේඩියෝව මට කිහිප වරක්ම අවස්ථාව උදා කර දී තිබෙනවා." යනුවෙන් සඳහන් කළා.

සහන හිමි වූ මව 38වන වියේ පසුවන්නියක්. දියණියගේ වයස අවුරුදු 10ක්.