Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ්-අප් පාපැදි සවාරිය මෙවරත්




ශ්‍රී ලංකා ටෙලිකොම් ස්පීඩ්-අප් පාපැදි සවාරිය 2019 සැප්තැම්බර් 24 සිට 28 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පිට පිට සිව්වන වතාවටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙවරද මෙම ජාතික පාපැදි තරඟය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබුවේ රට තුළ පාපැදි ආශ්‍රිත ක්‍රීඩා කටයුතු නංවාලීමේ අරමුණෙනි. මෑතකදී BMICH හි පැවති ‘ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී’ මේ වසරේ පාපැදි සවරියා දියත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පාපැදි ධාවන ඉතිහාසයේ ප්‍රථම වතාවට පළාත් නවයම ආවරණය කරමින් පාපැදි කරුවන්ට සහ ප්‍රේක්ෂකයින්ට නව අත්දැකීමක් ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සැලසුම් කර තිබේ. පිරිමි ධාවන තරඟය, කාන්තා ධාවන තරඟය, ළමා තරඟය සහ මාර්ගගත පාපැදි තරඟය යන කාණ්ඩ හතර යටතේ පාපැදි සවාරිය පැවැත්වීමට සැලසුම් කර ඇත. 

මෙම පාපැදි තරඟය රටේ පාපැදි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති අතර, එය පාසල් ළමුන් සඳහා ප්‍රථම වරට තරඟකාරී පාපැදි ඉසව්වක් දක්වයි. මෙම තරගය සැප්තැම්බර් 24 වන දින කොළඹදී ආරම්භ වන අතර දින 5 ක විස්මිත ක්‍රීඩා අත්දැකීමකින් පසු කිලෝමීටර් 1000 කට වඩා වැඩි දුරක් ආවරණය කරමින් සැප්තැම්බර් 28 වන දින දඹුල්ලේදී අවසන් වේ.

එස්එල්ටී ස්පීඩ් අප් පාපැදි සවරියා පිරිමි ධාවන තරඟයේ ජයග්‍රාහකයාට ත්‍යාග ප්‍රදානයක් සමඟින් රු. මිලියනයක මුදලක් වන අතර එය ශ්‍රී ලංකාවේ පාපැදි ශූරයකුට ලබා දෙන ඉහළම ත්‍යාගය වනු ඇත.