Friday, April 19, 2024

General line - 0115112241

නවසීලන්ත තරග සංචාරයෙන් හතුරුසිංහ ඉවතට 

දිනුක් හේවාවිතාරණ / කසුන් කැලුම්




නවසීලන්තය සමග තරග සංචාරයේ ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි වාර්තා වන්නේ.