Friday, April 19, 2024

General line - 0115112241

හතුරුසිංහගේ තනතුර ජෙරම්ට

කසුන් කැළුම්




නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි.

කි‍්‍රකට් ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී චන්දික හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. චන්දික හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ ගිවිසුමද අහෝසි කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන් තීරණය කර ඇත්තේ. කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දුන්නේ බංග්ලාදේශ තරගාවලියෙන් පසු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි. පසුව එළඹෙන නවසීලන්ත තරග සංචාරය තෙක් එම පුහුණුකාර මණ්ඩලය රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබුණා. 

එවැනි පසුබිමකයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් කී‍්‍රඩා අමාත්‍යවරයාද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ඊයේ දැනුම්දී තිබුණේ නවසීලන්ත තරග සංචාරය සඳහා ප‍්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙසයි.