Friday, March 29, 2024

General line - 0115112241

බස් ගාස්තු අද සිට වැඩි වෙයි




සියයට 6ක බස් ගාස්තු සංශෝධනය අද (01) සිට කි‍්‍රයාත්මක කෙරෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා වැඩිවනු ඇති.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සංශෝධිත බස් ගාස්තු ලේඛනය සෑම බස් රථයකම ප‍්‍රදර්ශනය කරන කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් අවම කරගැනීම සඳහා බස් රථ සේවකයින් මෙන්ම මගීන් ද ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

නව ගාස්තු සංශෝධනය අනුව අද (01) දිනයේ සිට ප‍්‍රවේශ පත් නිකුත් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක ප‍්‍රකාශ කළා.

සංශෝධිත බස් ගාස්තු පිළිබඳ ලේඛනය පහතින් දැක්වේ

up

01 02

up 02

01 02 03 04 05 06 07 08 09