Friday, April 19, 2024

General line - 0115112241

සුෂ්මා ස්වරාජ් දිවි ගමනට සමුදෙයි




ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ඒ, හෘද්‍යාබාධයකින්.

නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්.

අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා ස්වරාජ් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙසයි සැලකෙන්නේ. ඇගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද සිය ට්විටර් ගිණුම හරහා ශෝකය පළ කර තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ්ගේ අභාවය ඉන්දියාවට මහත් පාඩුවක් බවයි. ඇය ඉන්දීය ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර තමන් මෙහිදී සිහිපත් කරන බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.