Thursday, April 25, 2024

General line - 0115112241

SLIC නවීන තාක්ෂණයෙන් සහ නව්‍ය සේවාවලින් සන්නද්ධ වෙයි




ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වෙතින් නව තාක්ෂණය හරහා අසමසම පාරිභෝගික සුවපහසුවක් ඇති කර තිබෙනවා.

මෝටර් ප්ලස් රක්ෂණය හිමි මෝටර් රථ සඳහා රු 75,000/- ට අඩු හිමිකම් වැඩකරන පැය 3ක් තුලදී පියවීම සහ රු 500,000/- ට අඩු හිමිකම් සඳහා වේගවත් හිමිකම් පියවීමේ ක‍්‍රමවෙදයක් ද හඳුන්වා දී තිබෙනවා. රක්ෂණ අවශ්‍යතා සඳහා වේගවත් හා පහසු ප‍්‍රවේශයක් ලබාදීම සහ අනතුරකදී ඔබ ඉන්නා තැන නිෂ්චිතවම දැන ගැනීමේ පහසුව සඳහා SLIC ජංගම දුරකථන යෙදුම (App) පහසුකමද දැන් ලබාගත හැකි වනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකාවේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් වඩා ඵලදායී හා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා පාරිභෝගිකයන්ට ලබාදෙන ප‍්‍රතිලාභ පුළුල් කර තිබෙනවා. නවීන තාක්ෂණයෙන් හා නව්‍ය සේවා අංගයන්ගෙන් සන්නද්ධ වූ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් සිය පාරිභෝගිකයන්ට සහ ඔවුන්ගේ වාහන සඳහා පූර්ණ ආරක්ෂාව සමග වේගවත් හා පහසු සේවාවක් මේ හරහා සපයනවා.


(වැඩි විස්තර පහතින්)