Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සමුළුවෙන් පසු පනින පිරිසක් ගැන ඉඟියක්




එළඹෙන 11වැනිදා පැවැත්වෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට සහභාගී වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට තරම් නෛතිකමය වරදක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (07) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

පොදුජන පෙරමුණේ 11 වැනිදා පැවැත්වෙන සමුළුවෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.