Saturday, April 20, 2024

General line - 0115112241

සුළඟෙන් සහ වැස්සෙන් ජනතාව අවතැන් (PHOTOS)

එරමිනිගම්මන අශෝක/රංජිත් රාජපක්ෂ/ප්‍රියංකර කළුපහන




දඹුල්ල - කලෝගහාඇල, කලුන්දාව, අලුත්ගම ලෙනදොර යන ගම්මාන හරහා ඊයේ (07 ) පස්වරුවේ හමා ගිය දැඩි සුළං තත්වයත සමග එම ප්‍රදේශයන්හි නිවාස 30 කට පමණ හානි සිදුවී පුද්ගලයින් දෙදෙනකුට තුවාල සිදුව තිබෙනවා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි හේවා පතිරණ සඳහන් කළේ අධික සුළං තත්ත්වයත් සමග ගස් කඩා වැටී මාර්ග රැසක්ද අවහිරව පැවැති බවයි.

----

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (08) අලුයම සිට තද සුළං තත්ත්වයක් සහ වැසි තත්ත්වයක් පැවතිම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ගස් සහ අධි බලැති විදුලි රැහන් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණා.

හැටන් කොළඹ ප්‍රධාන මර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ සහ ගිනිගත්හේන පිටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස තිබු විශාල ගස් කිහිපයක්  මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මෙලෙස ඇණ හිට තිබුණා.

---

 

පුත්තලම, වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වනාතවිල්ලුව නාගමඩුව ප්‍රදේශයට ඊයේ (07)  රාත්‍රි කාලයේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත්  සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස රැසකට අලාබහානි සිදුව තිබෙනවා.

මෙම අධික සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසක් හා එහි තිබූ දේපල රැසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර  තිදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.