Friday, April 19, 2024

General line - 0115112241

පුහුණු තරගයේ දෙවන දිනය අදයි

කසුන් කැළුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවන දිනය අදයි. පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ඊයේ දිනය නිමා වනවිට කඩුළු 6 ක් දැවී ලකුණු 323 ක් රැස් කිරීමට සමත් වුණා. 

ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික‍්‍රම පළමු කඩුල්ලට ලකුණු 154 ක සබදතාවක් ගොඩ නැගුවේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලට සාර්ථක ආරම්භයක් ලබාදෙමින්. 

මෙහිදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 80 ක් රැුස් කළා. නායක අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 56 යි. තරගය කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.