Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවට පිටුපා උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියාව විසින් යලිත් වරක් කෙටි මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා. ගතවු සතියක පමණ කාලය තුලදි උතුරු කොරියාව විසින් සිදුකල පස්වන මිසයිල අත්හදා බැලිම මෙය බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. දකුණු කොරියානු හමුදාව පවසන්නේ උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබුවේ කෙටි දුර බැලැස්ටික් මිසයිල දෙකක් බවට තමන් විශ්වාස කරන බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් විසින් තමන්ට ලිපියක් එවා ඇති බවත්, දකුණු කොරියාව සමග අමෙරිකාව පවත්වනු ලබන ඒකාබද්ධ යුධ අභ්‍යාසය සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා නොසතුට පළ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර සිටියා. අමෙරිකානු ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකරන පසුබිමක උතුරු කොරියාව විසින් පස්වන වරටත් මිසයිල අත්හදා බැලිමක් සිදුකිරිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුවි තිබෙනවා.

උතුරු කොරියාවේ නැගෙනහිර කළාපයේ සිට එල්ල කරනු ලැබු මිසයිල දෙක කිලෝමිටර් 400ක පමණ දුරක් ගොස් ජපාන මුහුදට ඇද වැටුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.