Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය කොංග්‍රස් පක්ෂයට නව සභාපතිවරයෙක් පත් කිරීමට යයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයට අද (10) නව සභාපතිවරයෙකු පත් කෙරෙනවා. ඒ, හිටපු සභාපති රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩු වීම හේතුවෙන්. 

නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා කොංග්‍රස් පක්ෂයේ ක්‍රියාකාරී කමිටුව අද උදෑසන රැස්වී සාකච්ඡා කළා. එහි දෙවන වටයේ සාකච්ඡාව එරට වේලාවෙන් අද රාත්‍රී 08 ට පැවැත්වීමට නියමිතයි. අනතුරුව රාත්‍රී 09 ට පමණ කොංග්‍රසයේ මීළග සභාපතිවරයා කවුරුන්ද යන්න නිවේදනය කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

මේ අතර නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවන් සඳහා තමන් හෝ රාහුල් ගාන්ධි සහභාගී නොවන බව කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායිකා සෝනියා ගාන්ධි ප්‍රකාශ කළා. ඊට සහභාගී වන බවට සිය නම් ඇතුළත්ව ඇත්තේ අතපසුවීමකින් බවයි ඇය කියා සිටියේ. එසේම පක්ෂයේ සභාපතිධූරය යළි භාර ගන්නැයි ඉදිරිපත් වූ ආරාධනාවන් රාහුල් ගාන්ධි විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ සභාපතිධූරය අත්හැරියේ පසුගියදා පැවැති ඉන්දීය මහමැතිවරණයේදී එම පක්ෂය ලද දරුණු පරාජයේ වගකීම තමන් වෙත පවරා ගනිමිනුයි.