Saturday, April 20, 2024

General line - 0115112241

අද එළියට එන පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන එජාපයෙන් ඉඟියක්

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (11) පැවැත්වෙන ජාතික මහා සමුළුව සම්බන්ධයෙන් නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් ද විමසීමක් කළා. එහි තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දැනගැනීමට තමන් ද දැඩි උනන්දුවකින් පසුවන බවයි. 

එහිදී "අපිත් බලාගෙන ඉන්නේ ඔවුන්ගේ අපේක්ෂකයා නම් කරන තෙක්. ඔවුන්ගේ අපේක්ෂකයා කවුරු වුවත් ඒ කෙනාගෙ නමට පිටුපසින් රාජපක්ෂ කියන නාමය තියෙනවා කියන එක පැහැදිළිව කියන්න ඕනේ. හුදෙක් පවුලක් ජයග්‍රාහණය කරන්න බලය දෙනවද නැද්ද කියන එක මෙ රටේ ජනතාවගේ අතේ තියන කාරණාවක්." යනුවෙන් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යෝජිත නව පෙරමුණ සිය ජනාධිපතිධූර අපේක්ෂකයා මෙතෙක් ප‍්‍රකාශයට පත් නොකිරීම සම්බන්ධයෙන් ද නෙත් නිවුස් කවින්ද ජයවර්ධන මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා. ඔහු ඊට ප‍්‍රතිචාර දක්වමින් සඳහන් කළේ සිය පක්ෂයේ සහ සන්ධානයේ අපේක්ෂකයා බවට පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් බවත් මෙම අපේක්ෂකයා තෝරාගනු ලබන්නේද එක්සත් ජාතික පක්ෂය විසින් බවයි. 

ප‍්‍රතිවාදී අපේක්ෂකයන් කවුරුන් වුවද, ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.