Friday, March 29, 2024

General line - 0115112241

නෝර්වේ රාජ්‍යයේ ඉස්ලාම් දේවස්ථානයක වෙඩි තැබීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරට ආසන්නයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ සිද්ධියෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි. ආයුධ සන්නද්ධව පැමිණි සුදු ජාතික තරුණයෙකු දේවස්ථානයේ ඇති වීදුරු දොරකට හානි සිදු කර පසුව වෙඩි තැබීම සිදු කළ බව දේවස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

සැකකරු ආරක්ෂිත ඇඳුමක් සහ හිස්වැස්මක් ද පැළඳ සිටි බව සඳහන්. ඔහු 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු වන අතර පොලීසිය විසින් පසුව ඔහු අත්අඩංගුවට ගැණුනා.

පසුව සිදු කළ පරීක්ෂණවලදී සැකකරුගේ නිවසේ තිබී මියගිය කාන්තාවකගේ සිරුරක් ද සොයා ගත් බවයි නොර්වේ පොලීසිය පැවසුවේ.

දේවස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය ඔහු තනිව සැලසුම් කරන ලද්දක් බව ද පොලීසිය පවසනවා. කෙසේවෙතත් ඔස්ලෝ අගනුවර ආශි‍්‍රතව පිහිටි සියලූ ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.