Friday, March 29, 2024

General line - 0115112241

යේමනයේ කැරලිකරුවන් ජනාධිපති මන්දිරය අල්ලයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යේමනයේ ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබෙනවා. 

විදෙස් වාර්තා පැවසුවේ නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවයි. 
ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන චෝදනා කරනවා. 

ඒඞ්න් වරාය සැලකෙන්නේ යේමනයේ අන්තර්ජාතික වශයෙන් පිළිගැනුණු ප‍්‍රධාන නගරයක් ලෙසයි.