Thursday, April 25, 2024

General line - 0115112241

ලෙකීමා සුළි කුණාටුව නිසා චීනයේ මියගිය ගණන තවත් ඉහළට

ඩිල්ෂාන් මඩවල




ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් චීනයේ සිදුවූ ආපදාවලින් මියගිය ගණන  28 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ෂී ජියෑං ප්‍රාන්තයේ ලක්ෂ 50 කට වැඩි පිරිසක් මෙම ආපදා නිසා විපතට පත්ව සිටිනවා. ඔවුන්ගෙන් ලක්ෂ 10 ක් පමණදෙනා තාවකාලික කඳවුරුවල රඳවා සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ. 

ලෙකීමා සුළි කුණාටුව හේතුවෙන් මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් ද සිදුව තිබෙනවා.