Friday, April 19, 2024

General line - 0115112241

නම් කළ අපේක්ෂකයා වෙනස් වීමටත් ඉඩ ඇති බවට ශ‍්‍රිලනිපයෙන් ප‍්‍රකාශයක්

හර්ෂිකා සංජීවනී




සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලටද බධාවක් නොවන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක මෙම අදහස් පල කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි.