Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන ජවිපෙත් ප්‍රතිචාර දක්වයි

ඩිල්ෂාන් මඩවල /හර්ෂිකා සංජීවනි




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නෙත් නිවුස් ජනතා විමුක්ති පෙරමුණෙන් ද අදහස් විමසා සිටියා.

එහි මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ "කන්දක් විළි ලා මී පැටවෙකු වැදුවා සේ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. මොකද ඒ අපේක්ෂකයාත් අලුත් නෑ. රාජපක්ෂ පාලන සමයේ ඒ පාලනයේ මුදුනේම හිටපු කෙනෙක්. මේ තනි පුද්ගලයෙකු මත විශ්වාසය තබන්නට අපේ රටේ ජනතාව තවදුරටත් සූදානම් විය යුතු නෑ කියන එක තමයි අපේ මතය." යනුවෙනි.

ප‍්‍රතිවාදී බලමුළුවලට එරෙහිව ශක්තිමත් නායකයෙකු සහ ශක්තිමත් ප‍්‍රතිපත්ති ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ලබන 18වනදා කොළඹ ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙන රැළියකදී එම අපේක්ෂකයා සහ ප‍්‍රතිපත්ති රට හමුවේ අනාවරණ කරන බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.