Thursday, March 28, 2024

General line - 0115112241

නෝර්වේහී මුස්ලිම් පල්ලියේදී වෙඩි තැබූ පුද්ගලයා තවත් සිද්ධියකට සැක

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




නෝර්වේහි මුස්ලිම් පල්ලියක ඉකුත් සෙනසුරාදා සිදු වූ විවෘත වෙඩි තැබීම ත‍්‍රස්ත ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළව තිබෙනවා.

එරට පොලිසිය පවසන්නේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගෙන් ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි.

අත්අඩංගුවට ගෙන සිටින මෙම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළිකර නැහැ. කෙසේවෙතත් ඔහු වයස අවුරුදු 20ක් පමණ වන සුදු ජාතිකයෙකු බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම පුද්ගලයාගේ 17 හැවිරිදි ඥාතී සහෝදරියක් ද වෙනත් ස්ථානයකදී ඝාතනයට ලක්ව තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් ද මෙම පුද්ගලයා සැකකරුවෙකු බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. 

නෝර්වේ අගනගරය වන ඔස්ලෝහි අල්නූර් ඉස්ලාම් පල්ලියේ අදාළ වෙඩි තැබීම සිදුවුණා. සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ පල්ලියේ සිටි සිවිල් වැසියෙකුගේ සහයෙන්.