Tuesday, April 23, 2024

General line - 0115112241

එජාප අපේක්ෂකයා ගැන රවී කතා කරයි

පවිත්‍රා මදුහර්ෂනි




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස කවුරුන් ඉදිරිපත් වුවද එක්සත් ජාතික පක්ෂයට ඉන් තරගකාරීත්වයක් මිස අභියෝගයක් නොමැති බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඉදිරියේදී රටේ රාජ්‍ය පාලනය සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වංචා දූෂණය මැඩපවත්වන බවට රජය 2015 දී පොරොන්දු ලබා දුන්නත් මේවනවිටත් ඒ සඳහා නිසි පියවර නොගැනීමට හේතු මොනවාද යන්න මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කළා. අමාත්‍යවරයා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්

රටේ ස්වෛරීභාවය මෙන්ම සිංහල බෞද්ධකම ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බවත්, පක්ෂයේ සියලු කටයුතු සදහා පසුපෙළ මන්ත්‍රීවරුන් ද කිසිදු ගැටලුවක් නොමැතිව සහය ලබා දෙන බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.