Thursday, April 25, 2024

General line - 0115112241

බෝම්බ බියක් නිසා දිල්ලි ගුවන් තොටුපල කටයුතු පැයක් නතර වෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයකට නතර කිරීමට සිදුව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවයි.

ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක අංශ පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. පසුව පැයකට අධික කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණු නමුත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකි වී නැහැ. එම දුරකතන ඇමතුම ව්‍යාජ ඇමතුමක් බවයි පසුව තහවුරු කර ගෙන ඇත්තේ. පැය දෙකකට ආසන්න කාලයකට පසු ගුවන් තොටුපොලේ කටයුතු යථා තත්ත්වයට පත් වුණා.