Tuesday, April 23, 2024

General line - 0115112241

"ඉතිහාසයේ හජ් සැමරූ ආකාරයෙන් අදත් සැමරිය යුතුයි"



සිංහල, දෙමළ ජනතාවද එක් කර ගනිමින් ඉතිහාසයේ හජ් උත්සවය සැමරූ පරිදි එම උත්සවය සැමරීමේ අවශ්‍යතාවක් දැන් මතුව ඇතැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අහමඞ් රුෂ්ඩි පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් මහත් බැතියෙන් ඊයේ (12) දිනයේදී සැමරූ හජ් උත්සවය සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

සමාජ විශ්ලේෂකයෙකු මෙන්ම සාහිත්‍යවේදියෙකු වන කුමාර ලියනගේ ද මෙම වැඩසටහනට එක් වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.